සෙක්ස් ෆෙටිෂ් ගැන දන්නවද?
මුලින්ම අපි සෙක්ස් ෆෙටිෂ් කියන්නේ මොකද්ද කියලා තේරුම් බේරුම් කරගනිමු.
සෙක්ස් ෆෙටිෂ් කියලා හඳුන්වන්නේ අජීවී වස්තුවකට ඇතිවන ලිංගික ආකර්ෂණය. සමහර අය ලිංගික අවයව නොවන ශරීරයේ වෙනත් තැන් වලට ඇතිවන ලිංගික ආකර්ෂණයත් සෙක්ස් ෆෙටිෂ් ගණයට දැම්මත් ඒක එතරම් නිවැරදි නෑ. අපි දැන් සුලබ සෙක්ස් ෆෙටිෂ් කීපයක් පිළිබඳව වගේම ඇහුවම ඔබට පුදුම හිතෙන ආකාරයේ සෙක්ස් ෆෙටිෂ් කීපයක් ගැනත් කතා කරමු .
1. ගස් සමග රමණය
ඉංග්‍රීසියෙන් මේ ෆෙටිෂ් එක හඳුන්වන්නේ Dendrophilia හෝ Arborphilia නමින්. මේ ෆෙටිෂ් එකට ප්‍රිය කරන අය ලිංගික තෘප්තියක් ලබා ගන්නේ ගස් මගින්. ගසේ තමන්ගේ ලිංගේන්ද්‍රය ඇතිල්ලීම මගින් ස්වයං වින්දනය ලබා ගැනීම හෝ ගසක් ඇසුරෙන් කෘත්‍රීම ස්ත්‍රී නිමිත්තක් හදාගෙන ඒ ඇසුරෙන් තමන්ගේ ලිංගික තෘප්තිය ලබා ගැනීම සිද්ධ කරනවා.
2. විදුලිය සමග රමණය
මේ ෆෙටිෂ් එකේදි සිද්ධවෙන්නේ සුරතාන්තය ලබා ගැනීමට ඉලෙක්ට්‍රික් ෂොක්ස් භාවිතා කිරීම. ඇතැම් අය ස්වයං වින්දන ක්‍රමයක් ලෙසටත් සමහරු තමන්ගේ සහකාරයා හෝ සහකාරියට ඉලෙක්ට්‍රික් ෂොක්ස් ලබාදීම මගින් තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා.
3. යට ඇඳුම් සමග රමණය
කාලයකට කලින් තීන්ත ප්‍රචාරණ දැන්වීමක කාන්තා යට ඇඳුමක් සොරා ගෙන එහි වර්ණය සහ නිවසේ වර්ණය ලෙස තෝරා ගන්නා ආකාරය පෙන්වනු ලැබුවා. මේ දැන්වීමට දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් විරෝධයක් පැන නැගුණා. ඒකට හේතුව වුණේ බොහෝවිට විට යටඇඳුම් සොරා ගැනීමට පෙළඹෙන්නේ ඒ ආශ්රයෙන් තමන්ගේ ලිංගික ආශාවන් සපුරා ගන්නා පුද්ගලයින් වීම. දැන් ඔයාලට පැහැදිලි ඇති සමහරු කාන්තා යට ඇඳුම් වලට ඒ තරම් ප්‍රිය කරන්නේ ඇයි කියලා.
4. මුත්‍රා සමග රමණය
සමහර අය වැස්සට තෙමෙන්න ආසයි. හැබැයි සාමාන්‍ය වැස්සක නං නෙමෙයි, තමන්ගේ සහකාරයා ගේ හෝ සහකාරියගේ මුත්‍රා වැස්සේ. මේ වගේ අය ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ විදිහට මුත්‍රා ආශ්‍රිතව.
5. සපත්තු සමග රමණය
මේ අය ආස සපත්තු ලෙවකන්න. සමහර වෙලාවට මේ අය අය සපත්තු වලට කොච්චර ආසයිද කියලා කියනවා නම් සපත්තුව කන්නත් පෙළඹෙනවා. තමන් ගේ සහකාරයා හෝ සහකාරියට සපත්තු දාගෙන තමන්ව පාගාගෙන් සිටීමට සැලැස්වීමෙන් මේ අය තෘප්තියට පත් වෙනවා.
6. මෙට්ට සමග රමණය
සමහර අය ස්වයං වින්දනයේ යෙදෙන්නේ මෙට්ටය සමග. මෙට්ටය මත ලිංගේන්ද්‍රය ඇතිල්ලීමෙන් ඔවුන් සුරතාන්තය කරා යනවා. මේ ෆෙටිෂ් එකට ඇබ්බැහි වූ ඇතැම් අය සහකාරිය සමඟ ලිංගිකව එකතු වීමෙන් පසුව පවා මෙට්ටය සමඟ රමණය ට පෙළඹෙනවා.
0 Comments